ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් .ඉසිත විජේසුන්දර කැපී පෙනන පන්දු යැවිමක
සිව්දින තරගයක් ලෙස පැවති එකම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 308 ක් ලබා ගනිමින් දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා 'A' කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම පරාජය කර ශ්‍රී ලංකා 'A' කණ්ඩායම ලබා ගත් මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයෙදී ශ්‍රී ලංකා 'A' කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406/10ක් රැස් කළේය.
එහිදී ළහිරු උදාර (107), සොනාල් දිනුෂ (104) ශතක රැස් කළහ.
අබුඩාබිහිදී පැවති මෙම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්විණි. මෙම ටෙස්ට් ක්‍රිකට් තරගය (2 ) අවසන් විය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම, ලකුණු 168ක් පළමු ඉනිම වෙනුවෙන් රැස් කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉසිත විජේසුන්දර ලකුණු 35කට කඩුලු 6ක් දවා ගත් අතර ඔහු තරගයේදී කැපීපෙනෙන පන්දු යැවීමක නිතර වූහ. දෙවන ඉනිම ශ්‍රී ලංකාව ආරම්භ කළ අතර එවර ලකුණු 376/4ක් රැස්කර ඉනිම අත්හිටුවීය.
දෙවන ඉනිම ආරම්භයට පෙර ශ්‍රී ලංකාව ලකුණු 238ක් ඉදිරියෙන් සිටියහ.එහි දී නුවනිදු ප්‍රනාන්දු (102), නායක පසිඳු සූරියබණ්ඩාර (100) හා පවන් රත්නායක (නොදැවී 100) ශතක රැස්කිරීමට සමත් වූහ.
තරගය ජයග්‍රහණය කිරීම සදහා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලකුණු 615ක දැවැන්ත ඉලක්කයක් හිමි විය. නමුත් ඔවුන්ට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 306ක් පමණි.
කෙසේ වෙතත් ජයපරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට ඇෆ්ගනිස්තානයට නොහැකි විය.
ඉනිම් දෙකෙහිම කඩුලු 10ක් (6/35, 4/75) දවාගනිමින් ඉසිත විජේසුන්දර තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
