ප්‍රබල පාතාල නායකයෙක් හෙට ලංකාවට රැගෙන එයි..
By Hashini
බෙලරූස් රාජ්‍යයේ දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ලොකු පැටී හෙට දිවයිනට රැගෙන ඒමට නියමිත බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.
පසුගිය වසරේදී ලොකු පැටී බෙලරූස් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ප්‍රචාරය වී තිබුණේ ඔහු එහිදී නිදහස් කෙරුණු බවය.
එහෙත් පොලිසිය එය සාවද්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බෙලරූස් රාජ්‍යය වෙත පසුගියදා පිටත්ව ගොස් ඇත්තේ ඒ අනුවයි.
මෙවැනි තත්ත්වයක් මත ඔහු හෙට දිනයේ ලංකාවට රැගෙන පැමිණෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.