රටේ භයානක තත්ත්වයක්..සෞඛ්‍ය අංශයන් ගෙන් අනතුරු ඇඟවීමක්..

Covid Corona Upul Rohana Sri Lanka
By Aruna Dec 07, 2021 08:39 AM GMT
Aruna

Aruna

Report

ජනතාව සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුගතව කටයුතු නොකරන තත්ත්වයක් තුළ ඉදිරි උත්සව සමයේ ද කොවිඩ් අවදානම ඉහළ යා හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ නිල වශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවට වඩා විශාල ප්‍රමාණයක් දෛනිකව හඳුනාගැණෙන බවය.

"කොතරම් සෞඛ්‍ය උපදෙස් දුන්නත්, කොතරම් දැඩිව අවධාරණය කළත් නැවත වරක් උද්ගතවෙමින් තියෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ සහ දෙසැම්බර් මාසයේ වගේම තත්ත්වයක්.

ඒ නිසා මේ උත්සව සමයත් ඒ ආකාරයෙන්ම ජනතාව සමරන්න උත්සහ කරනවා කියලා පේනවා.

කෙසේවෙතත් මේ වෙද්දි පෙර මඟ ලකුණු පහළ වෙලා තියෙනවා.

විශාල ව්‍යවසනයකට අපි තල්ලුවෙමින් තියෙනවා කියලා. සමාජයේ බොහෝ ස්ථානවල ආසාදිතයෝ වාර්තා වෙනවා.

දෛනිකව ජනමාධ්‍ය වාර්තාකරන ආසාදිතයෝ සංඛ්‍යාවෙන් මේකේ ප්‍රතිරූපය මවා ගන්න උත්සහ කරන්න එපා.

ඊට වැඩිම බිමේ පවතින තත්ත්වය අවධානම්. රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතිනවා.

ඒ නිසා මෙවැනි අනවශ්‍ය මහජන ඒකාරාශිවීම් එක්ක සෞඛ්‍ය උපදෙස් කඩකරමින් මේ විදියට උත්සව සමරන්න කටයුතු කළොත් අපිට උත්සව සමරන්න ලැබෙන්නේ නෑ වගේම.

2022 වසරේත් අර්ධයක් ම අපිට ගෙවන්න වෙන්නේ මේ ව්‍යවසනයත් එක්ක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයෙන් කියන එක අවධාරණය කරනවා.

ඒ නිසා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා තමන් විසින් ම ස්වයං නිරෝධායන නීති පනවාගෙන උත්සව සමරන්න කටයුතු කරන්න.

එහෙම නැතිවුණොත් අපේ ආශ්‍රිතයින් අහිමිවෙයි. එහෙම නැති වුණොත් නිරෝධායන මධ්‍යස්ථානවල, ප්‍රතිකාර මධ්‍යස්ථානවල උත්සව සමය ගත කරන්න වෙයි කියලා අපි අවධාරණය කරනවා."

සෞඛ්‍ය නීති කඩකරමින් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට මෙන්ම එවැනි ස්ථානවලට එක්රොන් වී සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේ දී දැඩි නීති ක්‍රියාත්මක කරන බව ද උපුල් රෝහණ මහතා පැවසීය.

පොදු ප්‍රවාහනයන් තුළ දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය වී ඇතැයි ද පැවසු ඒ මහතා කොවිඩ් තිබුණේ ද යන්න පවා අමතක කරමින් ඔවුන් හැසිරෙන බව ද සඳහන් කළේය.

"මේක ඉතාමත්ම අවධානම් තත්ත්වයක්. ඒ නිසා අපි මහජනතාවට අනතුරු අඟවනවා.

ඔබ ගමන් කරන බස් රථය සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන්නේ නම් ඒකෙන් අවධානමට ලක්වෙන්නේ, ගමන් කරන මගීන්. ඒ නිසා දැඩිව මේ පිළිබඳව අවධානයෙන් ඉන්න.

ඕනෑම අවස්ථාවක බස් රථයක සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරනවා දුටුවොත් සහ අනාවරණය වුවහොත් අදාළ බලධාරීන්ට අපි නෛතික වශයෙන් කටයුතු කරනවා."

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery