ඉන්දියාවෙන් ලංකාවට ආපු පිරිසකට කොරෝනා වෛරසය වැලඳිලා?

Report

ඉන්දියාවේ දින විස්සක වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසකින් හය දෙනෙකු, කොරෝනා වෛරසයට සමාන හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙමින්, දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

එම රෝගීන්ගෙන් එක් අයෙකු හුස්ම ගැනීමේ බරපතල අපහසුතා හේතුවෙන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම රෝගීන් හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙන බැවින්, ඔවුන්ට වැළඳී ඇත්තේ ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වෛරසයක් ද යන්න තහවුරු කිරීම සඳහා, රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා ඇතැයි ද වාර්තා වේ.

දිල්ලි කැපිටල්ස් සමඟ එක්වුණු දසුන් ශානක (PHOTOS)

දිල්ලි කැපිටල්ස් සමඟ එක්වුණු දසුන් ශානක (PHOTOS)

සාම්පලවල ප්‍රතිඵල ලැබීමට දින කිහිපයක් ගත වන අතර, රෝග තත්ත්වය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ එම පරීක්ෂණ වාර්තා ලැබුණු පසුවය.

මේ සම්බන්ධයෙන් දෙබරවැව රෝහලේ වැඩ බලන තංගල්ල වෛද්‍ය අධිකාරී අවන්ති රූපසිංහ මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ, ඉන්දියාවේ සංචාරයකින් පැමිණෙන අයෙකුට යම් සංකූලතාවක් ඇති වුවහොත්, පෞද්ගලික අංශයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර නොගෙන, රජයේ රෝහලකට හෝ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

හෝලි එක්ක ඇමති වසන්ත සමරසිංග ෆුල් ෆන්.. (PHOTOS)

හෝලි එක්ක ඇමති වසන්ත සමරසිංග ෆුල් ෆන්.. (PHOTOS)

මෙම අවදානම් තත්ත්වය පහව යන තුරු මුඛ ආවරණ පැළඳීම ඇතුළු ආරක්ෂිත පියවර ගැනීම මේ මොහොතේ වඩාත් වැදගත් බවත් ඇය අවධාරණය කළාය.