ඊලම ඉල්ලා හදිසියේම රථ පෙළපාලියක්..
මේ වන විට ශ්‍රී ලංකාවේ මතු වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට සහයෝගය දක්වන අතර වාරයේ දෙමළ සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් ඔවුන්ගේ ඊලාම් ව්‍යාපෘතිය රහසිගතව ක්‍රියාත්මක කරන බව කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් චෝදනා කරනවා.
ඔවුන් මෙලෙස චෝදනා කරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර දී ඊයේ(16) පැවැති එල්ටීටීඊ හිතවාදී මෝටර් රථ රැලියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
මෙම මෝටර් රථ රැලිය සම්බන්ධ ප්‍රචාරක පෝස්ටර සඳහා පැරණි එල්ටීටීඊ සිතියම භාවිත කර තිබූ අතර ඔවුන් එහිදි ශ්‍රී ලංකාව සහ ඊළාම් ඒකකය වෙන්කර එම කොටස් දෙක සඳහා විශේෂ hashtag දෙකක් ද භාවිත කරමින් සිය ප්‍රචාරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණා.
එහිදී කළු පැහැයෙන් සලකුණු කර තිබූ ශ්‍රී ලංකා කොටසට භාවිත කර තිබූ hashtag එක සමග ඔවුන් ප්‍රචාරණය කරනු ලැබුවේ #FaildState හෙවත් අසමත් රාජ්‍යයක් ලෙසයි.
එමෙන්ම මෙම සිතියමේ රතු පැහැයෙන් දක්වා ඇති ඊළාම් රාජ්‍යය ලෙස සැලකෙන කොටස සඳහා ඔවුන් භාවිත කර තිබූ hashtag එක #Occupied හෙවත් මේ වන විටත් අත්පත් කරගෙන ඇති බවට වන අර්ථය සඳහන් වී තිබුණා.
කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් චෝදනා කරන්නේ කල දුටු කල වළ ඉහ ගන්නා මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ මෙරට විදේශ සේවය මීට වඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |