ලංකා ඉතිහාසයේ පළමු වරට 2022 අයවැය අලුත්ම විදියකට..සම්පූර්ණ විස්ථරය මෙන්න.
2022 වසර සඳහා වන අයවැය ලේඛනය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ පළමු වරට වැඩිම පිරිසකගේ සහ ආයතනවල දායකත්වය ලබාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මගපෙන්වීම සහ අමාත්‍යංශයේ ඍජු මැදිහත්වීමෙන් ආයතන සංවිධාන සහ පුද්ගලයන් විශාල පිරිසක් අයවැය සැකසීමේදී යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ බවයි.
කොවිඩ් 19 වසංගතය හමුවේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකයට පීඩනයක් ඇති වූ කාලයක අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් වන අයවැයක් සම්පාදනය අමාත්‍යවරයාගේ අදහස වූ බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.
අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු උසස් නිලධාරීන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින්, දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, විවිධ වෘත්තීය සංගම්, වෙළඳ ව්‍යාපාර සංවිධාන, ආනයනකරුවන්, තරුණ සංවිධාන, තේ, පොල්, රෙදි, එළවළු හා පළතුරු, ආහාර, මත්ස්‍ය, තොරතුරු තාක්ෂණ, පශු සම්පත්, මැණික් හා ස්වර්ණාභරණ, ධීවර යන අංශ ඇතුලු 102ක පමණ කණ්ඩායමක් 2022 අයවැය ලේඛනය සකස් කිරීමට දායක වී තිබෙනවා.
මෙවර අයවැය ලබන 12 වනදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




