තරඟයේ කාසිය වාසිය ලංකාවට.

Report

 2023 එක්දින් ලෝක කුසලානයේ 14 වැනි තරඟය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි.

තරඟයේ කාසිය වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ද ලෝක කුසලානයේ සහභාගී වූ පළමු තරඟ දෙකම පරාජයට පත්වී ඇති බැවින් මෙම තරඟය කණ්ඩායම් දෙකටම වැදගත් වෙනවා.

කණ්ඩායමේ දසුන් ශානක ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට ඉදිරි තරඟ අහිමි වී තිබෙන අතර, දසුන් වෙනුවට චාමික කරුණාරත්න කැඳවා තිබෙනවා.