අනුශූරතාවයත් අරගනම ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණ තිබේ.
එවගේම 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගන තිබේ.
ඒ තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගනිමිනි.
මෙම දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත් වූ අතර ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන හිමිකර ගන්නා ලදි.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
“ජාතියට මහත් ගෞරවයක් ගෙන දුන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ අවංක ගෞරවය සහ සුබ පැතුම්!”
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පැවසීය.