ආසියානු කුසලානයෙන් පසුව අපේ කණ්ඩායම නටමින් ගයමින්,ජය සැමරුව හැටි...(VIDEO)
By Sewvandhi
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. ඒ ඩුබායිහිදී පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් 6 වන ආසියානු කුසලානය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.
ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගත්තා.පාකිස්ථානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 147ක් පමණයි.
තරගයෙන් අනතුරුව අපේ සිංහ පැටවුන් නටමින් ගයමින් ජය සැමරු අයුරු පහත විඩියෝවෙන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |