ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රට වැසියන්ට සිදු කළ හදිසි නිවේදනය....

Report

වර්තමානයේ දී සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුලින් (YouTube, Tik tok හා Facebook) සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

ත්‍රස්ත ප්‍රහාරයක්.... 28 ක් මරුට... වගකීම TRF භාරගනී !

ත්‍රස්ත ප්‍රහාරයක්.... 28 ක් මරුට... වගකීම TRF භාරගනී !

මෙලෙස යුද්ධ හමුදා නිල ඇදුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වුවද බොහෝ දෙනා තම නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද පෙනෙන්නට ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙලෙස නොදැනුවත්කමින් සිදුකර ක්‍රියාවන් හේතුවෙන් මව්බිම වෙනුවෙන් තම ජිවිත, අවයව පූජාකල යුද්ධ හමුදා සාමාජිකයින් පැලදි හා අදටත් මෙම දේශය ආරක්‍ෂා කරන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා ගෞරවයෙන් හා අභිමානයෙන් පලදින නිල ඇදුමක් මෙවැනිවූ ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත යුද්ධ හමුදා ප්‍රතිරූපයටම හානියක් සිදුවන අතර, දශක තුනකට ආසන්න කාලයක් පුරා මව්බිම වෙනුවෙන් තම ජීවිතය කැපකල රණවිරුවන්ද හෑල්ලුවට ලක් වන බව එම නිවේදනයෙන් ජනතාවට දැනුම් දී ඇත.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට පිය පුතු ගැන සැකයක්....

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට පිය පුතු ගැන සැකයක්....

එබැවින් ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කර යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානි කරන මෙවැනි දේ සිදුකිරීමෙන් වලකින ලෙසට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයෙන් සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා තිබේ.