ත්‍රස්ත ප්‍රහාරයක්.... 28 ක් මරුට... වගකීම TRF භාරගනී !

Report

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ – පහල්ගම්හීදි සංචාරකයින් පිරිසක් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 28 ක් මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාකිස්ථානය පදනම් කරගත් ලෂ්කර් ඊ තායිබා සංවිධානයට සහය දක්වන ප්‍රතිරෝධක පෙරමුණ හෙවත් ටී ආර් එෆ් සංවිධානය භාරගෙන තිබෙන බවද වාර්තා වේ.

ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය බව ද එම වාර්තාවල දක්වා තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පත්කළ චෝදනා විමර්ශනයට කමිටුව

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පත්කළ චෝදනා විමර්ශනයට කමිටුව

සිද්ධිය සැලවීමත් සමග සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී යළි දිවයිනට පැමිණ තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.