ඊයේ රෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නොසිතූ දෙයක් සිදුවෙයි..පන්දු 55කදී වෙච්ච දේ.

Report

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

මෙම තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඊයේ රාත්‍රී පැවැත්විණි.

මෙහිදී පළමු පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය පන්දුවාර 19.1කදී පසුකර යාමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..


ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං හා එවින් ලුවිස් සමත් වුණා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 55කින් ලකුණු 107ක සබඳතාවක් පැවැත් විණ.

ඉන් බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 11ක් ඇතුළත් වන්නට වුණා.

එමෙන්ම ලුවිස් ලකුණු 50ක් රැස්කළ අතර, පන්දු 28කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමක හෝ පන්දු යැවීමෙන් සාර්ථක වූ මතීෂ පතිරණ ලකුණු 27කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

මෙහිදී කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස්කිරීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග තරග 3කින් සමත්විත තරගාවලිය 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගත්තා.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.


තරගයේ වීරයා ලෙස බ්‍රෙන්ඩන් කිං සම්මාන දිනාගනු ලැබී ය.

දෙරට අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (15) දිනයේ මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.