ශ්‍රී ලංකා කොදෙවි 20යි 20 සටන අද..පටන් ගන්න වෙලාව සහ වෙනස් වූ සංචිතය මෙන්න.

Cricket Sri Lanka Cricket West Indies cricket team Cricket Record
By Aruna Oct 13, 2024 06:03 AM GMT
Aruna

Aruna

Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 පළමු තරගය අද(13) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

20-20 තරග 3ක් පැවැත්වෙන අතර එය 13, 15, 17 දිනවල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මීට අමතරව එක්දින තරග 3ක්ද පැවැත්වීමට නියමිතයි.

රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු වීඩියෝ කරමින් අවසානයේ කරපු දෙයක්.

රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු වීඩියෝ කරමින් අවසානයේ කරපු දෙයක්.


එය මෙම මස 20, 23, 26 දිනවල පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා – රාත්‍රි තරගාවලියක් ලෙසද පැවැත්වීමට නිමිතව තිබේ.

ඒ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 17 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශ කර ඇත.

එහි නායකත්වය යළිත් චරිත අසලංක දරන අතර, මාස 21කට පසුව නැවතත් භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීම ද විශේෂත්වයක්.

මේ අනුව ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ.

20යි 20 ලෝක වාර්තා පොත් අලුත් කරමින් වාර්තා අරට ගිය ඉන්දියානු තරඟය..ඊයේ රෑ සිදු වූ විශ්මිත දේ මෙන්න.

20යි 20 ලෝක වාර්තා පොත් අලුත් කරමින් වාර්තා අරට ගිය ඉන්දියානු තරඟය..ඊයේ රෑ සිදු වූ විශ්මිත දේ මෙන්න.


චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, චමිදු වික්‍රමසිංහ, බිනුර ප්‍රනාන්දු.

කෙසේ වෙතත් හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයට ඇතුළත් වී නොමැත.