රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු වීඩියෝ කරමින් අවසානයේ කරපු දෙයක්.

Sri Lanka Police Sri Lanka Gossip Today
By Aruna Oct 13, 2024 05:15 AM GMT
Aruna

Aruna

Report

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන් භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස් දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

පොලිසිය සදහන් කරන්නේ, මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර රූපලාවන්‍ය ශිල්පියා මොරටුව ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වා ගෙන යන අතර මීට දින කීපයකට ඉහතදී අන්තර්ජාලයේ යෙදවුමක් හරහා පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ පුද්ගලයෙක් දැන හඳුනාගෙන ඇති බවයි.

වාහනයක් ගන්න හිටිය ලාංකිකයින්ට සුබ ආරංචියක්..මහ බැංකුව ගත් තීරණය මෙන්න.

වාහනයක් ගන්න හිටිය ලාංකිකයින්ට සුබ ආරංචියක්..මහ බැංකුව ගත් තීරණය මෙන්න.


ඔවුන් දෙදෙනා වව්සැප් මාර්ගයෙන් තොරතුරු හුවමාරු කරගෙන හිතවත් වී ඇති අතර, විශ්ව කලාව ප්‍රදේශයේ පුද්ගලයා සාදයක් සඳහා පැමිණෙන ලෙස කළ ආරාධනාවක් අනුව ඉකුත් 10 වෙනි දින රාත්‍රී රූපලාවන්‍ය ශිල්පියා කුලී රථයක් උපයෝගී කරගෙන පැවැත්වෙන බව කියන විශ්ව කලාව ප්‍රදේශයේ සූසාන භූමිය ආසන්නයේ නිවසක් කරා පැමිණ ඇත.

එම අවස්ථාවේදී වර්ෂාව ඇද හැලුනු බැවින් රූපලාවන්‍ය ශිල්පියා හැද සිටි ඇඳුම් ද තෙත බරිත වී තිබූ බැවින් ඔහුට ඇඳුම් මාරු කරගන්නා ලෙස ඔහු සමග හිතවත් වු පුද්ගලයා පැවසීමෙන් අනතුරුව ඔහු එම නිවස තුළ ඇඳුම් මාරු කරමින් සිටියදී එම නිවස වෙත කඩා වැදුණු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබේ.

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..


අනතුරුව අතර සෙසු පුද්ගලයන් ඔහුගේ රන්මාලය සහ අත් පළඳලාවද කොල්ලකා මුදල් පසුම්බියේ තිබූ ඒ. ටී. එම් කාඩ් පත හා රහස් අංකයද බලෙන් ලබාගෙන එක් පුද්ගලයකු පිළියන්දල නගරයට ගොස් එහි තිබූ රුපියල් 84,000 ක මුදලක් ලබාගෙන ඇතැයි රූපලාවන්‍ය ශිල්පියා කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.