ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයෙ රෑ මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ දෙයක් වෙයි..
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (16) සමත් වී තිබෙනවා.
ඒ අනුව තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු 03කින් පරාජයට පත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 260ක්.
එහි දී විශ්මි ගුණරත්න ලකුණු 101ක් රැස්කරගත්තේ පන්දු 98කට මුහුණ දෙමින්වීම ද විශේෂත්වයක්. ඊට හතරේ පහරවල් 09ක් සහ හයේ පහරවල් තුනක් ඇතුළත් විය.
චමරි අත්පත්තු හැර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් රැස්කළ ප්‍රථම ක්‍රීඩිකාව ලෙස ද විශ්මි වාර්තා පොත් අතරට එක්වුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩිකාව ද ඇය වීම විශේෂත්වයක් වනවා.
එහිදී හසිනි පෙරේරා ලකුණු 46ක් ලබාගත් අතර වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේ දී Orla Prendergast කඩුලු 03ක් බිඳහෙළනු ලැබීය.
ඒ අනුව ලකුණු 261ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් තුළදී සිය ජයග්‍රාහණය හිමිකරගැනීමට සමත් විය.
ඒ අනුව, ඔවුන් කඩුළු 07ක් දැවී ලකුණු 261 ක් රැස්කරගත්තා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 04ක් බිඳහෙළීමට සමත් වීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් එහිදී අගනා ඉනීමක් ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩිකා Orla Prendergast ගේ දක්ෂතාව හේතුවෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
තරගය පැවැත්වුණේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හිදීයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාව මෙය වන අතර අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයක් පරාජය වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
මීට පෙර ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර එක්දින ජාත්‍යන්තර තරග 05ක් පවත්වා ඇති අතර එම සියලුම තරග ජයගගෙන තිබුණේ ශ්‍රී ලංකාවයි.
මේ අතර දෙරට අතර පළමුව පැවැති තරග 02කින් යුත් විස්සයි විසින්න තරගාවලියද තරග 1 - 1ක් ලෙසින් සමසමව අවසන් කෙරෙනු ලැබීය.