ධීවර සහ නාවිකයන්ට අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන කලාපයේ බලපෑම් හේතුවෙන් අදාළ බලපෑම් එල්ල වන කලාපයේ නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.
උතුරු අක්ෂාංශ 5 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 85 ත් අතර යාත්‍රා කෙරෙන ධීවර සහ නාවික ප්‍රජාවට මෙය බලපැවැත්වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
හෙට (25) දිනට පෙර දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින ධීවර සහ නාවික ප්‍රජාවට අදාළ මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් ද මේ සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතු වේ.