එක්සත් ජාතීන්ගේ රාජකාරී හමුදා දායක රටවල සමුළුවට යුද්ධ හමුදාධිපති සහභාගී වෙයි
2025 ඔක්තෝබර් 14 සිට 16 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි හිදී, එක්සත් ජාතීන්ගේ රාජකාරී සඳහා දායකත්වය දක්වන රටවල (UNTCC) ප්‍රධානීන්ගේ සමුළුව පැවැත්විය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලොව පුරා සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් රැසක් මේ සඳහා සහභාගි වී තිබුණි.
එවගේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම සමුළුව සඳහා රටවල් 32ක් නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් සහභාගී විය.
මෙම සමුළුවේදී වැඩිදුරටත් සාකච්ඡා කළේ
- සාම සාධක මෙහෙයුම් සඳහා වන අභියෝග
- එක්සත් ජාතීන්ගේ රාජකාරී සඳහා දායකත්වය දක්වන ජාතීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම
- අනාගත සාම සාධක මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණය සහ පුහුණුව උපයෝගී කර ගැනීම
ආදිය පිළිබදවයි.



