ලංකාවේ සිට ඉන්දියාවට අධිවේගී මගී යාත්‍රා සේවාව අද සිට ඇරඹේ..එක් අයෙකුට යන වියදම මෙන්න..
විවිධ හේතූන් මත මාස හයකට ආසන්න කාලයක් ප්‍රමාද වූ ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ යා කෙරෙන අධිවේගී මගී යාත්‍රා සේවාව අද සිට ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (09) ප්‍රකාශ කළා.
නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, මෙම සේවාව සඳහා අත්හදා බැලීමේ සැසියක් ඊයේ පැවැත්වුණු බවයි.
ඒ අනුව 'චෙරියපානි' නම් මගී යාත්‍රාව නාගපට්ටිනම් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා ඔක්තෝබර් 10 වන දින දහවල් 12:30 ට පැමිණීමට නියමිතයි.
මෙම මංගල ගමනේදී මගීන් 50 ක් පමණ සහභාගී වීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
දිගින් මීටර් 35 ක් සහ උස මීටර් 9.6 ක් වන ‘චෙරියපානි’ අධිවේගී යාත්‍රාව ඉන්දියාවේ නැව් සංස්ථාවට (S.C.ඓ) අයත් වන අතර මගීන් 150 දෙනෙකුට මෙහි ගමන් ගැනීමේ හැකියාව පවතී.
නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ වරාය දක්වා ගමනට ආසන්න වශයෙන් පැය හතරක් ගතවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එක් පැත්තකට ප්‍රවේශ පත්‍රයක මිල ශ්‍රී ලංකා රුපියල් 26,750 ක් වන අතර වට සංචාර ප්‍රවේශ පත්‍රයක මිල ශ්‍රී ලංකා රුපියල් 53,500 කි.
තවද එක් මගියෙකුට කිලෝග්‍රෑම් 50ක් දක්වා ගමන් මලු රැගෙන යාමට අවසර ලබා දී ඇත.
මෙම යාත්‍රා සේවයේ මෙහෙයුම් සහ අලෙවිය ශ්‍රී ලාංකේය සමාගමක් වන ඇශ ඇගෙන්cය් ළ්ට්ඩ් විසින් කළමනාකරණය කරනු ලබන අතර යාපනය නගරයේ ප්‍රවේශපත්‍ර අලෙවි නියෝජිතයෙකු ද පත් කර ඇත.
කන්කසන්තුරේ වරායේ නවීන මගී පර්යන්තයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය (Sළ්ඵෑ රුපියල් මිලියන 450ක් ආයෝජනය කර ඇති බව අමාත්‍ය ද සිල්වා මහතා අවධාරණය කළේය.
මෙම පර්යන්තය ආගමන විගමන, රේගු සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රතිපාදන ඇතුළු අති නවීන පහසුකම්වලින් සමන්විතය.
ඉන්දියාවේ වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍යාංශය සහ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය අතර පැවති පුළුල් සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මගී යාත්‍රා සේවාව ආරම්භ කළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
