ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට සිදුකෙරෙන ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි.
India
Police
Sri Lanka
By Aruna
ඉන්දුනීසියාවේ තත්ත්වයෙන් බාල පුවක් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට රැගෙන ඒමේ ජාවාරමක් පිලිබඳව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළා.
මෙම පුවක් මුම්බායිහි ජවහර්ලාල් නේරු වරාය හරහා රැගෙන එන බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මෙම පුවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බවට ව්‍යාජ ලේඛන සකසා ඇත්තේ බදු මග හැරීමේ අදහසින්. එමෙන්ම, තත්ත්වයෙන් බාල මෙම පුවක් දේශීය ව්‍යාපාරවලට ද තර්ජනයක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ සිට මුම්බායි වරාය වෙත රැගෙන එන මෙම ඉන්දුනීසියානු පුවක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට බෙදා හරින අතර, එහි ප්‍රධාන කේන්ද්‍රය ලෙස හඳුනාගෙන ඇත්තේ නාග්පූර් නුවරයි.
එහිදී එම පුවක් රසායනික ධුමායනයකට ලක් කර වර්ණ ගන්වා වෙළඳපොලට නිකුත් කරන බවත්, ඒවා පිළිකා කාරක විය හැකි බවත්, වෛද්‍ය මත උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
