චීනය ඇතුළු රටවල් 05ක් ලංකාව අත හරී...ඉදිරියේදී බරපතල තත්ත්වයක්.!!

China Sri Lanka Indian Loan
By Aruna Mar 05, 2022 04:43 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවට යළිත් ණය හෝ ආධාර ලබා නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බව වාර්තා වෙයි.

ලංකාවට දැනට පැමිණ සිටි රාජතාන්ත්‍රිකටන් පිරිසක් විසින් ආණ්ඩුවේ ඉහල පෙලේ දේශපාලඥයන් කණ්ඩායමක් සමග මේ බව සඳහන් කර ඇත.

ණය හෝ ආධාර නොදීමට තීරණය කිරීමට ප්‍රධාන කරුණු දෙකක් පදනම කරගෙන බවද චීන රාජතාන්ත්‍රිකයන් විසින්ද දන්වා ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ගැටලූව එහි ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත.

එමෙන්ම චීනයෙන් ආනයනය කරන ලද පොහොර නැව ආපසු හරවා යැවීම ගැන පැන නැගී ඇති ගැටලුවද මේ සදහා බලපා ඇත.

ශ‍්‍රී ලංකාව මේ වනවිට චීනයට ඩොලර් බිලියන 16ක් ණය වී සිටී.

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවා නැති බවත් කර ඇත්තේ ලබා ගත් ණය මුදල් ගෙවීම පමණක් බවත් ඔවුන් පවසා ඇත.

මෙම තත්ත්වය මත ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොලියට ණය ගැනීමට සිදුවනු ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now