ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් රතු එළියක්!!!..
ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ශ‍්‍රී ලංකා විරෝධී රාජ්‍ය නිලධාරිනියක වන බෙත් වැන් ෂිහැක් යුද අපරාධ ගැන සෙවීමේ ජගත් තානාපතිනිය ලෙස පත් කර ඇත.
ඇය මේ වසරේ පෙබරවාරි මස ශ‍්‍රී ලංකාවේ යුක්තිය නමින් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද ඉදිරිපත් කර තිබුණි.
2021 මාර්තු මස කොටි හිතවාදී පර්ලි සංවිධානය ලන්ඩන් නුවර පැවැත් වූ සමුළුවකටද ඇය සහභාගී වී ඇත.
මෙයට අමතරව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිවද චෝදනා නැගූ ඇය ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කර ඇත.
මේ අතර සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz ) මහත්මිය 28 ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූවාය.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක්වූ සහය අගය කළ ජනාධිපතිතුමා කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද කෘතඥතාව පළ කළේය.
එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිතුමාට සහ රජයට ස්තූතිය පළ කළාය .
ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිතුමා සිය සුභාශීංසන එක් කළේය.
ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාර්ටින් කෙලී (Martin Kelly ) සහ දේශපාලන සහ ආර්ථික උපදේශක සුසාන් වල්කේ (Susan Walke) යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |