වාහනයක් ගන්න හිතන් හිටිය අයට නරක ආරංචියක් - අද සිට මේ බද්දට තවත් 50%ක අතිරේක ගාස්තුවක්
අද (16) සිට ක්‍රියාත්මක වන ආකාරයට මාස තුනක කාලසීමාවක් සඳහා වාහන මත පනවනු ලබන අදාළ රේගු ආනයන බදු මත සියයට 50ක අතිරේක ගාස්තුවක් අය කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරන බව වාර්තා වේ.
ඒ අනුව ආනයනික මෝටර් රථයක් වෙනුවෙන් මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පැනවෙන බව සඳහන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (15) දින සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අතිරේක බදු ගාස්තුවක් අය කිරීමට නියමිතයි.
එහෙත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක රේගු බද්ද බලනොපාන බවද වාර්තා වේ.
අඳාළ ගැසට් නිවේදනය පහතින්,