බඩු මිල සහ ඩොලරය පහත බසී..රුපියල ශක්තිමත් වෙයි..
පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල තවදුරටත් පහත බැස තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ, ලොකු ලූනු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 95ක අගයක පවතින බවයි. පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 130ක් ලෙසයි.
මේ අතර, ආනයනික අර්තාපල් කිලෝවක මිලද පහත බැස තිබෙනවා.
පසුගිය සතිය තුළ රුපියල් 150කට පමණ අලෙවි වූ අර්තාපල් කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 දක්වා පහත වැටී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ.
එසේම, සුදු සීනි කිලෝවක තොග මිල තවදුරටත් රුපියල් 220ක මට්ටමේ පවතිනවා.
මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා.
එහි ගැනුම් මිල රුපියල් 352 යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362 යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස දැක්වෙයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |