වැවක් ලඟ කෙල්ලො කොල්ලො දහස් ගණනින් එක්වී කරපු අමුතුම වැඩක්(PHOTOS/VIDEO)රටක් කළඹයි..
Sri Lanka
Covid rules
Embilipitiya chandrika wewa
By Aruna
මාස කිහිපයකට වැඩි කාලයක් තිස්සේ සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
එසේ පැමිණ සිටි පිරිස් සෞඛ්‍ය නීනී කිසිවක් පිළිනොපදමින් දිය නානමින් විවිධ ජල ක්‍රීඩා කරමින් හැසිරෙන්නට වුයේ තවත් කෝවිඩ් රැල්ලකට කඩිනමින් අත වනමින්ය.
සමහරු යතුරු පැදි සහ ත්‍රීරෝද රථ පිටවානේ පාර ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් අනතුරුදායක ක්‍රීඩා වල ද නිරතව වූහ.
සාමය කඩවන ලෙස ආරවුල් කර ගනිමින් සිටි කණ්ඩායම් ද ඒ අතර විය.
පැමිණ සිටි පොලිස් නිලධාරීන්ගේ අවවාද නොතකමින් බිමත් පුද්ගලයන්සේ හැසිරුණු දෙපිරිස් අතර ගැටුම් කිහිපයක් ද ඇතිවිය.
වැඩිහිටි, තරුණ සහ බාල යන වයස් කාණ්ඩවල කාන්තා පිරිමි මෙසේ දහස් ගණනක් පැමිණ සිටියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |























