රැකියාවට යා හැකි වයස වෙනස් කෙරේ..මෙරට අන්තරාදායක රැකියා 76 ක්.

Sri Lanka
By Aruna Jul 23, 2021 03:30 AM GMT
Aruna

Aruna

Report

 මෙහෙකාර සේවයේ යෙදවීමේ අවම වයස් සීමාව 18 දක්වා ඉහළ නැංවීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව තවත් මාස දෙකකින් ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ.

1956 අංක 47 දරණ පනතට වයස අවුරුදු 14 ඉක්ම වූ ළමයින්ට රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව පැවතියා.

කෙසේ වෙතත්, එය පසුගිය ජනවාරි 18 වන දා වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමටයි කටයුතු කෙරුණේ.

ඒ අනුව වයස අවුරුදු 16 ඉක්ම වූ දරුවෙකු රැකියා සදහා යොදා ගත හැකි වුවද, අන්තරාදායක රැකියා සඳහා යොදා ගැනීමට ඒ අනුව ද හැකියාවක් පැවතියේ නැහැ.

මෙහෙකාර සේවය අන්තරාදායක රැකියාවක් නොවූ බැවින් 16 ඉක්ම වූ දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ හැකියාව මේ වන විටත් පවතිනවා.

කෙසේ වෙතත් නව සංශෝධනවලට අනුව මෙහෙකාර සේවය අන්තරාදායක රැකියාවක් ලෙස නම් කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව ඉදිරියේදී ළමයෙකු මෙහෙකාර සේවයේ යොදවා ගන්නේ නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුයි.

අන්තරාදායක රැකියා ඝනයට මේ වන විට රැකියා 52ක් ඇතුළත් කර ඇති අතර, නව සංශෝධනයට අනුව එය 76 දක්වා ඉහළ දැමීමටයි අපේක්ෂා කෙරෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now


ReeCha