ලෝක ශුරතා රන් පදක්කමක් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකට (PHOTOS)
By Sewvandhi
උස්බෙකිස්ථානයේ පැවැත්වෙන ලෝක ශූරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ පළමු රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ශ්‍රිමාලි සමරකෝන් සමත්ව තිබෙනවා.
ඒ කාන්තා කිලෝ ග්‍රෑම් 45 ට අඩු බර පංතිය යටතේයි. එහිදී ඇය ස්නෑච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 58ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්කි ක්‍රමයට කිලෝ ග්‍රෑම් 78ක් ද සමගින් සමස්ත බර කිලෝ ග්‍රෑම් 136ක් එසවීමට සමත්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



