රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් කඩිනමින් ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කියයි
By Kanchana
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි කළ බවත් නව හෙල්ල කට්ටලයක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සදහන් කර තිබේ .
ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාව දිනූ රුමේෂ් තරංග විසින් සිය ජයග්‍රහණ සඳහා භාවිත කළ හෙල්ල පහම තමන් පැමිණි ගුවන් යානයේදී කැඩී බිඳී ගොස් තිබුණි.
මෙලෙස හානියට පත් හෙල්ල අතර බුඩාපේස්ට්හිදී මීටර් 91.09ක දුරක් වාර්තා කළ හෙල්ල මෙන්ම ස්විට්සර්ලන්තයේ සුරීච්හිදී මීටර් 92.07ක දුරක් වාර්තා කළ හෙල්ලද ඇතුළත්ය තවද සිදුවූ හානිය සම්බන්ධයෙන් රුමේෂ් තරංග විසින් අදාළ ගුවන් සේවයට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත