වහා, රියදුරන් ගැන ලංකා පොලීසිය ගත් තීරණය.. මොකක්ද මේ නිළධාරීන්ට දුන්න අලුත් ගැජට් එක..
ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබාදීමේ සංකේතාත්මක වැඩසටහනක් පවත්වා තිබෙනවා.
ඒ අද (11) උදෑසන පොලිස් මූලස්ථානයේ දී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් ය.
මෙමගින් අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සිදු වේ.
මෙහි පළමු අදියර ලෙස මෙම වේග මාපක උපකරණ කට්ටල මීගමුව, කැලණිය, ගම්පහ යන කොට්ඨාසවල කොට්ඨාස භාර නිලධාරීන් වෙත සහ බස්නාහිර පළාත් රථ වාහන දකුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ලබා දී ඇත.
එමෙන්ම, ඉදිරියේ දී දිවයිනේ සියලූම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත ලබා දීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම වේග මාපක යන්ත්‍රය හැසිරවීම සඳහා රථ වාහන නිලධාරීන්ට අවශ්‍ය පුහුණුවද ලබාදීමට නියමිතය.
ඒ පොලිස් රථ වාහන මුලස්ථානය විසින් ය.
You May Like This Video👇