ඉහළ තනතුරකට හිමිකම් කී ඥානසාර හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..!

president special force
By Sewvandhi Oct 29, 2021 12:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එක රටක් – එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති තනතුරට පත්ව සිටින පුජ්‍ය ගලගොඩ අත්තේ ඥනසාර හිමියන් ඉදිරි දින කිහිපය ඇතුළත විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

රටක තිබිය යුත්තේ එක නීතියකි.’එක රටක්-එක නීතියක්’ රට තුළ ඇති කිරීම කාලයක සිට කතිකාවට බදුන් වූ මාතෘකාවක් බැවින් පැවරෙන කාර්ය පටිපාටිය, ඊට ඇතුළත් වන පරාසය හා මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කළ පාර්ශ්ව සමඟ සිදු කරන සාකච්ඡාවකින් පසුව ඥනසාර හිමියෝ රට හමුවේ මෙම විශේෂ ප්‍රකාශය කිරීමට නියමිතව ඇති බවද වැඩි දුරටත් කියැවේ

මේ අතර , තමන්ට ලැබුණු තනතුරේ වැඩ කටයුතු උපරිම අයුරින් කිරීමට කටයුතු කරන බවත් මෙය බලාපොරොත්තු වූ දෙයක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කිරීම කැලයක් සුද්ධ පවිත්‍ර කරනවා වැනි කාර්යයක් බව ද පවසන උන්වහන්සේ මෙම තනතුරේ වැඩ කටයුතු සිදු වන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළහ.

මෙම කොමිසමට පත් කරන ලද අය සමග මුලින්ම සාකච්ඡා කරන බවත් එම කාර්යය උපරිම අයුරින් කිරීමට බලාපොරොත්තු වන බව උන්වහන්සේ කීහ.

මෙම තනතුරු ගැන අධ්‍යනය කල යුතු බවත් තනතුරට තමන් පත් කළ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී විස්තරාත්මක ප්‍රකාශයක් සිදු කරන බවත් උන්වහන්සේ කියා සිටියහ. එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස උන්වහන්සේ පත්කිරීම ගැන කළ විමසීමේ දී හිමියන් මේ බව සඳහන් කරන ලදී.

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.