අඳුරු සමක් සහිත අයට සැලකිලිමත් වන්නැයි විශේෂඥයින් අනතුරු අඟවයි

covid19 specialist oxygen test dark skin fake test result
By Sithumi Jul 31, 2021 03:52 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් රෝගීන් තුළ ඔක්සිජන් මට්ටම පහත වැටීමේ අනතුරුදායක සලකුණු හඳුනා ගැනීම සඳහා නිර්මාණය කර ඇති උපකරණයක් අඳුරු සමක් ඇති අය තුළ හොඳින් ක්‍රියා නොකරන බව විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ස්පන්දන ඔක්සිජන් මීටරය අඳුරු සමක් සහිත පුද්ගලයින් තුළ ඔක්සිජන් මට්ටම අධික ලෙස පෙන්නන බවයි.

මෙම උපකරණ මඟින් රුධිරය හරහා ආලෝකය විහිදුවන අතර සමේ වර්ණක ආලෝකය අවශෝෂණය කර ගන්නා ආකාරය කෙරෙහි බලපෑම් කළ හැකි බව ඔවුන් පවසා තිබෙනවා.

කොරෝනා වසංගතය අතරතුර රෝහල් තුළ මෙන්ම ප්‍රජාව තුළද මෙම උපකරණ වැඩි වැඩියෙන් භාවිතා කරන අතර කොවිඩ් -19 සහිත පුද්ගලයින් තුළ රුධිරයේ ඔක්සිජන් මට්ටම නොදැනුවත්වම අනතුරුදායක ලෙස පහළ මට්ටමකට වැටිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

You may like this video-



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now