ජනවාරී 31 මේ රාජ්‍ය සේවකයන්ට විශේෂ දවසක් - හේතුව මෙන්න
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වෙනමම සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම 2026 ජනවාරි 31 වැනිදාට පෙර සිදුකරන බවත්, ඒ සමඟ වැටුප්, ස්ථාන මාරුවීම් ඇතුළු අනෙකුත් ගැටලු සඳහාද කඩිනමින් විසඳුම් ලබාදෙන බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබාදී ඇති අතර, එහිදී ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම, සෞඛ්‍ය සේවාව ඩිජිටල් කිරීම, සෞඛ්‍ය සේවාවේ හා ඖෂධවල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම වැනි කරුණු පිළිබඳවද සාකච්ඡා කර ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව, විශේෂඥ වෛද්‍යවරුන්ට පවතින ගැටලු අතරින් කෙටි කාලයකදී විසඳිය හැකි ගැටලු වහාම විසඳන බවත්, අනෙක් ගැටලු සඳහාද කඩිනමින් පියවර ගන්නා බවත් ඇමැතිවරයා දැනුම් දී ඇති බව විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් කියා සිටියේය.
විශේෂඥ වෛද්‍යවරුන්ට සීමා වූ සේවා මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙස ඉල්ලමින්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉකුත් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර තිබූ අතර, ඒ පිළිබඳව රජය වහාම මැදිහත් වී අදාළ ඉල්ලීම් කඩිනමින් ඉටු කරන බවට පොරොන්දු වී තිබේ.
ඒ අනුව මේ වනවිට තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය පියවර ගනිමින් සිටින බවත්, එම හේතුවෙන් ජනවාරි 31 වැනිදා දක්වා බලා සිටීමට තීරණය කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් වැඩිදුරටත් සඳහන් කළේය.