මේ විදිහේ SMS සහ WhatsApp පණිවිඩ ඔයාටත් ආවද? - රැවටෙන්න එපා පොලිසියෙන් විශේෂ අනතුරු ඇගවීමක් [VIDEO]

Report

සැක සහිත වෙබ් සබැඳි (Links) හරහා මාර්ගගතව රථවාහන දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් දෙන ව්‍යාජ SMS සහ WhatsApp පණිවිඩ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙම පණිවිඩ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මඟින් යොමු කර ඇති බවට පෙනී සිටින අතර, රථවාහන නීති උල්ලංඝනයක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත දඩ මුදල් ගෙවිය යුතු බව එහි සඳහන් වේ.

කෙසේ වෙතත්, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති W. P. J. සේනාධීර මහතා අවධාරණය කළේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙවැනි දැනුම්දීම් කිසිවක් නිකුත් කර නොමැති අතර, සංසරණය වන පණිවිඩ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවයි.

බාහිරින් හිනාවෙන මුහුණු පිටුපස ඇති නිහඬ සටන - පොලීසියෙන් විශේෂ පණිවිඩයක්

බාහිරින් හිනාවෙන මුහුණු පිටුපස ඇති නිහඬ සටන - පොලීසියෙන් විශේෂ පණිවිඩයක්

එම නිසා, එවැනි පණිවිඩවල අඩංගු වෙබ් සබැඳි විවෘත නොකරන ලෙසත්, පුද්ගලික හෝ බැංකු තොරතුරු කිසිසේත්ම ලබා නොදෙන ලෙසත්, එම පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවැනි වංචනික පණිවිඩ හේතුවෙන් බලපෑමට ලක් වූ හෝ සැක සහිත පණිවිඩ ලැබූ පුද්ගලයන් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.

''පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසියේ නමින්, වේග සීමා උල්ලංඝනය කිරීම් වෙනුවෙන් දඩ මුදල් ගෙවන ලෙස පවසමින් ව්‍යාජ කෙටි පණිවිඩ මහජනතාව වෙත ලැබෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත.

වංචාකරුවන් විසින් රජයේ නිල GovPay වෙබ් අඩවියට බෙහෙවින් සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර මහජනතාව මුලා කිරීමට උත්සාහ කරනු ලබයි.

ශ්‍රී ලංකා රජයේ නිල GovPay වෙබ් අඩවියේ නිවැරදි ලිපිනය වන්නේ govpay.lk හෝ govpay.lk/en/ යන්නයි. එය සැමවිටම රජයේ නිල .gov.lk ඩොමේන් නාමයෙන් අවසන් වේ. වංචාකරුවන් විසින් එවනු ලබන Links වල 998809.help/govpay/lk වැනි සම්පූර්ණයෙන්ම වෙනස් සහ සැකකටයුතු ලිපින අඩංගු වේ.

කෙටි පණි

විඩ මගින් ලැබෙන ඕනෑම Link එකකට යාමට පෙර, මොහොතක් නතර වී එහි විශ්වාසනීයත්වය සහ URL ලිපිනය හොඳින් පරීක්ෂා කර බලන්න.

ඔබේ බැංකු තොරතුරු හෝ මුදල් වංචාකරුවන්ට නතු වීමට ඉඩ නොදෙන්න!    

Gallery