විශේෂ ගනයේ රැඳවියන් ආරක්ෂාවට විශේෂ ඒකකයක්..... (VIDEO)

special protection prisoners
By Thaya Dec 25, 2020 11:21 AM GMT
Thaya

Thaya

Report

බන්ධනාගාරගත විශේෂ ගණයේ සිරකරුවන් ආරක්‍ෂාවට සහ බන්ධනාගාර කැරලි මර්දනයට විශේෂ ඒකකයක් පිහිටුවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

දැනට කි‍්‍රයාත්මක බන්ධනාගාර බුද්ධි ඒකකයට අනුබද්ධව මෙය පිහිටුවන අතර කැබිනට් පති‍්‍රකාවක් මගින් බන්ධනාගාර බුද්ධි ඒකකය විශෙෂ ඒකකයක් ලෙස පිහිටුවීම සදහා අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සදහන් කළේය.

මේ සදහා කඩිනම් පියවරක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් වසර 12 ක යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටින හමුදා සෙබළුන් කණ්ඩායමක් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බදවා ගෙන කෙටි පුහුණුවකින් පසු ඔවුන් සේවයේ යෙදවීමට කටයුතු කරමින් තිබෙන බවද තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පැවසුවේ ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකදීය.