රඳවාගෙන සිටි ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටි නීතිඥ තමරා කුමාරි අබේරත්න මහත්මිය ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (27) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඇයව රඳවා තබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් අවසන් වීමෙන් පසුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.