T20 තරඟ දිනවල කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Report

එළඹෙන අයිසීසී පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (2026 පෙබරවාරි 07 සිට මාර්තු 08 දක්වා) පැවැත්වෙන කාලය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය නිවේදනය කර ඇත.

මෙම සැලැස්ම ප්‍රධාන වශයෙන් ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණය (මාළිගාවත්ත) සහ සිංහල ස්පෝර්ට්ස් ක්ලබ් (SSC) කුරුඳුවත්ත ක්‍රීඩාංගණය අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර, තරග පැවැත්වෙන දිනවල විශාල පිරිසක් දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් පැමිණීම හේතුවෙන් රථවාහන තදබදය අවම කිරීම මෙහි අරමුණ වේ.

T20 උණුසුම අතරේ මෙරට ආරක්ෂාව තර වෙයි

T20 උණුසුම අතරේ මෙරට ආරක්ෂාව තර වෙයි

තරගාවලියේ කොළඹ පැවැත්වෙන තරග සඳහා (විශේෂයෙන් ප්‍රේමදාස හා SSC ක්‍රීඩාංගණවල) රථවාහන සැලැස්ම අදාළ දිනවලදී ක්‍රියාත්මක වන බවත්, එම කාලසීමාව තුළ එම ප්‍රදේශයන්ට පැමිණෙන රියදුරන් හා මහජනතාව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රථවාහන කොට්ඨාසය ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයට අනුව, තරග දිනවලදී ක්‍රීඩාංගණ අවට මාර්ගවල රථ ගමනාගමනය සීමා කිරීම්, වසා දැමීම් හෝ විකල්ප මාර්ග භාවිතය පිළිබඳ විස්තරාත්මක උපදෙස් ලබා දී ඇති අතර, තදබදය අවම කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීමට මෙය ක්‍රියාත්මක කෙරේ.

මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තරග දිනවලදී කල්තියා පිටත් වීම, විකල්ප මාර්ග භාවිතා කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම බව ද කොළඹ රථවාහන කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර ඇත.

අදාළ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය 


GalleryGallery