හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – ජනාධිපතිටත් එච්චර නැහැ (VIDEO)

Report

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට ශිෂ්‍යත්ව ටියුෂන් පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියට පොලිස් පරිවාරක රථ ලබාදීම සම්බන්ධව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කර සිටියි.

රෝගීන් 15ක් මැරුවා මදිවට ගෙවලුත් ගිනි තිබ්බ වෛද්‍යවරයා...

රෝගීන් 15ක් මැරුවා මදිවට ගෙවලුත් ගිනි තිබ්බ වෛද්‍යවරයා...

මෙහිදී මූලිකව ප්‍රශ්න කෙරෙමින් තිබෙන්නේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රධාන පෙලේ ප්‍රභූන්ගේ පවා ආරක්ෂාව අඩුකර මහජන ධනය ඉතුරු කළ බව කියන ආණ්ඩුව ටියුෂන් පන්ති ගුරුවරයෙකුට මේ ආකාරයේ විශේෂ පොලිස් ප්‍රභූ ආරක්ෂකයන් ලබාදුන්නේ මුදලටද ? නැතිනම් නොමිලේ ද ? කුමන පදනමකින් මේ විශේෂ පොලිස් ආරක්ෂකයන් ලබාදුන්නේ ද ? යන්න සම්බන්ධයෙනි.

දේශීය කිරි නම් වැට් බද්දෙන් නිදහස්

දේශීය කිරි නම් වැට් බද්දෙන් නිදහස්

ඕනෑම අයෙකුට සිදුකරන ඉල්ලීමක් හරහා පොලිස් ප්‍රභූ ආරක්‍ෂක පරිවාර රථ ලබාගැනීමට හැකියාව ඇති ද යන්න සම්බන්ධවද විමසීම් සිදුකෙරෙමින් තිබේ. හයේෂිකා ප්‍රනාන්දු විසින් පසුගියදා කොළඹ BMICH හී දී ඇගේ ටියුෂන් පන්ති පැමිණ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් දරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ඇය පැමිණී මෝටර් රථය වෙනුවෙන් ශ්‍රීලංකා පොලිසියේ මෝටර් බයිසිකල් 4ක් සහ තවත් පරිවාරක මෝටර් රථයක් මඟින් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබිණ. ප්‍රශ්න කෙරෙමින් තිබෙන්නේ ඒ සම්බන්ධවය. ඊට අදාළ වීඩියෝ සාක්ෂි පහත දැක්වෙයි.


GalleryGalleryGalleryGallery