මැයි දින පෙළපාළි සඳහා විශේෂ ආරක්ෂාක සැලැස්මක්

By Lakshika Apr 30, 2025 03:26 AM GMT
Report

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා විශේෂ ආරක්ෂාවක් මෙන්ම රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

අදත් බොහෝ ප්‍රදේශ වලට කාලගුණයෙන් අනතුරු

අදත් බොහෝ ප්‍රදේශ වලට කාලගුණයෙන් අනතුරු

ඒ අනුව පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මාස 4ට පාතාල වෙඩි තැබීම් 38කින් 27ක් මරුට

මාස 4ට පාතාල වෙඩි තැබීම් 38කින් 27ක් මරුට

කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිත අතර කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පොලීසිය රියදුරන්ට උපදෙස් දී තිබෙනවා.

එම උපදෙස් ඇතුළත් නි‍වේදනය පහතින්.   

මැයි දින පෙළපාළි සඳහා විශේෂ ආරක්ෂාක සැලැස්මක් | Special Security Plan For May Day Marches