ළමයින් සම්බන්ධයෙන් අති විශේෂ උසාවි මැදිරියක්

ajith rohana agriculture dep court room chldren
By Sewvandhi Oct 01, 2021 03:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපරාධ නඩු යනාදී නීතිමය ක්‍රියාමාර්ගවලදී ළමයින් සාක්ෂිකරුවන් ලෙස උසාවියට කැඳවීම වැළැක්වීමේ නීතිය සමග වීඩියෝ තාක්ෂණයෙන් ළමයින්ගෙන් තොරතුරු ලබා ගන්නා විශේෂ මැදිරියක් අද රාගම දී විවෘත කෙරෙනවා.

ළමා අයිතීන් තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියේදී ළමයින් සම්බන්ධ අපරාධ නඩු වලදී පුද්ගල සාක්ෂිවලට වඩා විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

මේ අතර, පරිවාස භාරයේ සිටින දරුවන් නිවැරදි වෘත්තීය දිශානතියකට යොමු කිරීම සඳහා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව විශේෂ වැඩපිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නිවැරදි වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව පාසල් දරුවන්ට ඉදිරියේදී කිරි වීදුරුවක් ලබාදීමේ අරමුණෙන් කිරි සැකසුම් මධ්‍යස්ථාන 6ක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

යුරෝ මිලියන 13.9ක ප්‍රංශ ආධාර යටතේ මෙම මධ්‍යස්ථාන ඉදිකෙරෙන අතර දුෂ්කර පාසල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබාදීම මෙහි අරමුණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha