සෞඛ්‍ය අංශ වලින් දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක් (VIDEO)

COVID19 SYMPTOMS GUILD LINES QUERANTINE SUDHARSHANI FERNANDO PULLE
By Sewvandhi Nov 18, 2021 06:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රටේ ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය. ඇය පෙන්වාදෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් කඩිනමින් සමාජයෙන් දුරස්ව සිටීමට වගබලා ගත යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,

"ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තියෙන්නේ මේ රෝගීන් වාර්තාවෙන පුංචි ඒකක ටික හඳුනාගෙන මර්දනය කරන වැඩපිළිවෙලක් ගෙනියන්න කියලා. විශේෂයෙන් ම අපි පාසල්වල විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ මේ පිළිබඳ විමසිලිමත් වෙන්න. උණක් එක්ක හෙම්බිරිසාවක් කැස්සක් එකක් දරුවෙක් ඉන්නවා නම් කරුණාකරලා දෙමව්පියෝ ගෙන්නලා භාරදෙන්න.

ඒ වගේම දෙමව්පියන්ගෙනුත් ඉල්ලනවා උණ තියෙනවා නම්, කැස්ස හෙම්බිරිසාව තියෙනවා දරුවාව ගෙදර නවත්වා ගන්න. සමහර විට ඒක කොවිඩ්වල රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමා යමෙක් රැකියා කරන ස්ථානයට යන්න එපා උණ, කැස්ස, හෙම්බිරිසාව තියෙනවා නම්. අවශ්‍ය කරන රැපිඩ් පරීක්ෂණ තමුන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සිදුකර ගන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW