රැකියා කරන සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක්..
Covid
Sri Lanka
Lock down
Jobs
By Aruna
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිවසේ සිට රැකියාවල නිරත වීමේ සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා.
මේ අතර මේ සතියේ කොවිඩ් රෝගී සංඛ්‍යාවේ සහ මරණ සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ඇය පැවසුවේ.
පවතින තත්වය යටතේ තවදුරටත් රට වැසීමක් බලාපොරොත්තු විය නොහැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය සියලු දෙනා එකතුවී හැසිරීම් පාලනය කරගත යුතු බවද සඳහන් කළා.
රෝගය ඉවරවුණා යැයි කිසිසේත්ම කිව නොහැකි බව ගුණරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |