උත්සව සමයේ ජනතාවට පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක්.
By Wayomi
එළැඹෙන උත්සව සමය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.
මේ අනුව මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.