පොසොන් එකට මේ බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - හෙට සිට 30 දක්වා ක්රියාත්මකයි
පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක් එක් කිරීමට ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
එබැවින් මෙම මස 29වන දිනට යෙදී ඇති පොසොන් පුන් පොහොය නිමිති කරගෙන අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය ධාවන වාර ක්රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙනවා.
එම සැලසුමට අනුව හෙට (27) සිට 30 වෙනි දින දක්වා මෙම දුම්රිය ධාවනය සැලසුම් කර ඇති බව සඳහන්.