මෙවර උසස් පෙළ සිසුන්ට විශේෂ අවස්තාවක්

By Sithumi Nov 20, 2021 06:36 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වසංගත තත්වය හමුවේ විශය කොටස් මග හැරුණු දරුවන් සදහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ විද්‍යාර්ථින් විසින්  ප්‍රභාෂණ 2021 නමින්  සම්මන්ත්‍රණ මාලාවක් සූදානම් කර තිබේ. 

 මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් හදාරණ කලා විශය ධාරාවට අයත් සිංහල , දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව , සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය යන විශයන්ට අදාලව පැවැත්වෙන අතර දේශන මෙහෙයවනු ලබන්නේ උසස් පෙළ විභාග කටයුතු හා පළපුරුදු කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් වේ. 

මෙම සම්මන්ත්‍රණමාලාව නොවැම්බර් 23 වෙනිදා සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක් විශයකට දින දෙකකට යටත්ව පැය 8ක කාලයක් දේශන පැවැත්වේ. ඒ සදහා සිසුන් සම්බන්ධ කර ගැනීම දෙසැම්බර්  23 දක්වා සිදුකරන  අතර පහත ගූගල් පෝරමය හරහා ඔබටද ලියාපදිංචි වීමට හැකියාව තිබේ. ල්

https://forms.gle/vMem3sGjxqmJexdj9

මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා ප්‍රධාන අනුග්‍රහය www.gagana.lk මාධ්‍ය සමාගම විසින් ලබා දෙන අතර සම්බන්ධතාවය සදහා අනුග්‍රහය zoomhost.lk ආයතනය විසින් ලබා දෙනු ලබයි.

Gallery
ReeCha