A/L සිසුන්ට විශේෂ දැනුම් දීමක්.

Education
By Thaya Jan 09, 2021 08:49 AM GMT
Thaya

Thaya

Report

2020 උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝයෝගික පරීක්ෂණ මේ වන විට ආරම්භ වී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතු බවයි.

එබැවින් නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප්‍රදේශවල සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වන සිසුන්ට ඒ සඳහා අවසර පත්‍රයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් වීමසීමක් වෙතොත් 0112 784 208, 0112 784 537, 0113 188 350 හෝ 1911 දුරකථන අංක වෙත ඇමතිය හැකිය.

ReeCha