කඩුගන්නාව නායයෑම් ප්‍රදේශය ගැන විශේෂ නිවේදනයක්

Report

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා බෙරගල යුද හමුදාව මැදිහත්වමින් මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මේවන විට මෙම අනතුරින් මියගිය ගණන 06 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඉදිරි පැය 24 තුළ කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගෙන ඇති අතර, අදාළ මාර්ග භාවිත කරන රියදුරන් සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ–සහ–කුරුණෑගල–මහනුවර, කොළඹ–කරඳුපන–මහනුවර, කොළඹ–මාවනැල්ල–හෙම්මාතගම–රම්පල–මහනුවර සහ කොළඹ–මාවනැල්ල–ගනේවත්ත හන්දිය–කොවිල් කන්ද–පිළිමතලාව–මහනුවර යන මාර්ග භාවිත කළ හැකි බව සඳහන් කර ඇත.

එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වී කරන කියන දේ කිරි ගහට ඇන්නා වගේ සාර්ථකවෙන අද ලග්න පලාපල

එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වී කරන කියන දේ කිරි ගහට ඇන්නා වගේ සාර්ථකවෙන අද ලග්න පලාපල

එමෙන්ම, හෙට (24) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග සඳහා මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශවලට යන දරුවන්ට මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් විශේෂ ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සලසා දීමට කටයුතු සිදුකළ බවද සංවිධානය පැවසීය.

තවද, මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීමට සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටිය යුතු බවත්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දී ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව වේ.

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි