සේවක අර්ධසාධක අරමුදල සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ, ආයතන සහ සාමාජිකයින් මාර්ගගතව ලියාපදිංචි විය හැකි පද්ධතිය අද (26) සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව අද සිටම, සියලු සේවාවන් අන්තර්ජාලය හරහාම ලබාගත හැකි වන බව කම්කරු අමාත්‍යාංශය මඟින් දැනුම්දී ඇත.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර, කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.