පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් - මේ දිනවල සේවා විවෘතයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම පද්ධති බිඳවැටීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ අතර, ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් හෙට ක්‍රියාත්මක වේ.
ඒ අනුව, මාර්තු 23, 24 සහ 26 යන තෙදින තුළ බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන කාර්යාලයට හෝ පළාත් කාර්යාල වෙත පැමිණ, එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) දින සිය හැඳුනුම්පත් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව අදාළ දිනවලදී ලියාපදිංචි වී හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයන්ට පමණක් හෙට දින මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක වන බැවින්, අනෙකුත් සේවාලාභීන් පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වන තෙක් විමසිලිමත්ව සිටින ලෙස දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.