උසස් පෙළ ලියන සියලු සිසුන්ට අති විශේෂ නිවේදනයක්
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (10) සිට ආරම්භ වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විභාගය සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.
විභාග කොමසාරිස් ජනරාල් මහත්මිය ඉන්දිකා කුමාරී ලියනගේ සඳහන් කළේ, හෙට සිට දෙසැම්බර් 5 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී මෙම උසස් පෙළ විභාගය පැවැත්වීමට සූදානම් කටයුතු සිදුකර ඇති බවයි.
විභාගය සඳහා අයදුම්කරුවන් 340,525 දෙනා සුදුසුකම් ලබා ඇති අතර, ඒ අතර පාසල් අයදුම්කරුවන් 246,521 දෙනා සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනා ඇතුළත් වේ.
මැද පෙරදිගට පැන්න මත් ජාවාරම්කරුවන් හතක් කැමැත්තෙන් භාර වෙන්න එකඟ වෙයි - ඇත්තටම කවුද මේ මෙන්න විස්තරය
විභාග ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතුය යැයි විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කර සිටී.
එමෙන්ම, විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුර අදහස්ද ඉදිරිපත් කරේ පහත පරිදිය,
"ඔබගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඔබගේ මුහුණ නිරාවරණය කරලා තිබෙන්න ඕනේ. සම්පූර්ණ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළම. ඒ වගේම ඔබගේ කන් නිරාවරණය කරලා තියෙන්න ඕනේ. මොකද දැන් තිබෙන සන්නිවේදන උපකරණ යම් අපේක්ෂකයෙකු පැළඳගෙන සිටින්නට පුළුවන්. එවැනි විභාග වංචා වැළැක්වීම සඳහා තමයි එම නීති ක්‍රියාත්මක වන්නේ."
"තවත් විශේෂ කරුණක් තිබෙනවා.. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයද්දි උත්තර ලකුණු කරනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ. අපි පිළිතුරු පත්‍රය විදියට භාර ගන්නේ අපි ලබාදෙන පිළිතුරු පත්‍රයේ සටහන් කරන පිළිතුරු පත්‍රය පමණයි. ඒ නිසා අපේක්ෂකයන් වෙලාව කළමනාකරණය කරගෙන නිවැරදි පිළිතුරු පත්‍රයේ සටහන් කරන්න ඕනේ."