ඩෙල්ටා ප්ලස් ප්‍රභේද ගැන සෞඛ්‍ය අංශවලින් පැහැදිලි කිරීමක්..ඉදිරියේදී භයානක තත්ත්වයක්..! (VIDEO)
ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වීම සඳහා බොහෝ විට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින් හේතුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ,
එම ප්‍රභේදය මෙරටට ඇතුළු වීම ප්‍රමාද කළ හැකි වුවත් 100%ක් නැවැත්විය නොහැකි බවය. යම් ආකාරයකින් ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිය හොත් එහි පැතිරීම තීරණය වන්නේ, ජනතාවගේ සෞඛ්‍ය පුරුදු මත බව ද ඒ මහතා කියා සිටියේය. ඒ නිසාවෙන් සෑම මොහොතකම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමන කරන ලෙස ද වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
"මේ පිළිබඳව අපි අධ්‍යයනය කරමින් පවතින්නේ. තොරතුරු ලැබිලා තියෙනවා. සනාථ කරන ලද කරුණු කීමට තරම් අපට තවම කල්වැඩී නමුත් එවැනි වාර්තා ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් පවතිනවා. මේකේ හැසිරීම් රටාව පිළිබඳව තහවුරු කරන ලද තොරතුරක් ලබාගැනීමට තව දින කිහිපයක් ගතවෙයි. ඕනෑම ප්‍රභේදයක් ලංකාවට පැමිණීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේක රඳා පවතින ප්‍රධානම ක්‍රමවේදය තමා ලංකාවට පැමිණෙන පුද්ගලයින් හරහා.
ලෝකයේ ඕනෑම තැනක ඇතිවෙන තැනක ඇතිවෙන මෙවැනි ප්‍රභේදයක් බොහෝ වෙලාවට වැඩියෙන් ජනයා සංක්‍රමණය වන උතුරු අමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග හා ඈතපෙරදිග ආදි වශයෙන් විශේෂයෙන් ජනතාව වැඩි වැඩියෙන් සංචරණය වන ප්‍රදේශවලට මුලින් පැමිණිලා ඒ හරහා ලංකාවට ඒම තමයි මුලින් සිදුවන්නේ. මේ පිළිබඳව අපි අවදානයෙන් සිටිනවා. මේ වෙනවිට අපට කියන්න තියෙන්නේ එන්නත්කරණය ප්‍රභේද ඇතිවීමට හෝ නැතිවීමට ලොකු බලපෑමක් ඇති කරන්නේ නෑ."
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |