මගෙන් කිසිම දැයක් අහගෙන එන්න එපා - මාධ්‍යයෙන් හැංගිමුත්තන් කරන කථානායක

Latest Headlines Current Political Scenario Jagath Wickramaratne Sinhala news gagana news
By Shehan Jul 21, 2025 03:33 PM GMT
Shehan

Shehan

Report

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා දූරකථනයෙන් සම්බන්ධ කරගන්නා විට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින්, ඒ සියල්ල තම ලේකම්වරයාගෙන් විමසන ලෙස දැනුම් දීම පුරුද්දක් කරගෙන සිටින බව වාර්තා වේ.

මාධ්‍යවේදීන් විසින් ඔහුගෙන් සෘජුව විමසිය යුතු බවත්, ලේකම්වරයෙකුට එවැනි තොරතුරු ලබාදීමට හැකියාවක් තිබේදැයි ප්‍රශ්න කළද, ඔහුගේ පිළිතුර වන්නේ ඕනෑම ප්‍රශ්නයක් සඳහා ලේකම්වරයා හරහා විමසන ලෙසයි.

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් – පුද්ගලයන් 1,241ක් අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් – පුද්ගලයන් 1,241ක් අත්අඩංගුවට

මේ අනුව, කථානායකවරයාගේ ලේකම්වරයා වන ජනක මහේෂ් මහතාගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජූලි 09 වැනිදා රැස්වූ අවස්ථාවේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමට සාමාජිකයෙකු අනුමත කළේද යන ප්‍රශ්නය විමසූ විට, ඔහුට ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොතිබූ බව පැවසීය.

එසේම, කථානායකවරයා තම ධුරයට හිමි ඉන්ධන දීමනාවට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිමි ඉන්ධන දීමනාවද ලබා ගන්නවාද යන ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම සඳහාද ලේකම්වරයාට නිශ්චිත තොරතුරු තිබුණේ නැත.

ඔහු පැවසුවේ, කථානායකවරයා තම ධුරයට අදාළ ඉන්ධන දීමනාව ලබා ගන්නා බව පමණක් වන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉන්ධන ලබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව තමන්ට නිශ්චිත තොරතුරක් නොමැති බවයි.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

මෙම තත්ත්වය හේතුවෙන්, කථානායකවරයාගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ ලේකම්වරයා හරහා තොරතුරු ලබා ගැනීමේ ගැටලුව පිළිබඳව මාධ්‍යවේදීන් අතර සාකච්ඡාවක් ඇතිව තිබේ.

හිත හයියෙන් ඉන්න රසිකයෝ, ඔබ වෙනුවෙන් හදවතින්! - කුමාර වෙල්ගමගේ පුතා තැබූ සටහන

හිත හයියෙන් ඉන්න රසිකයෝ, ඔබ වෙනුවෙන් හදවතින්! - කුමාර වෙල්ගමගේ පුතා තැබූ සටහන

ReeCha